Wednesday, May 23, 2018

Bopath Falls


බෝපත්ත ඇල්ල පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේය. දිය ඇල්ලේ මූලික පෙනුම බෝ කොළයකට සමාන වු නිසා මෙය බෝපත් ඇල්ල යනුවෙන් හදුන්වයි. මෙම දිය ඇල්ල ලංකාව තුළ ඇති සංචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රධාන දිය ඇළි අතරින් එකකි.
දිය ඇල්ල පිහිටා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ, කුරුවිට, අගලවත්ත ප්‍රදේශයේය. ජෛව විවිධත්වයෙන් මනා ලෙස පෝෂණය වූ වනාන්තරයකින් මෙම ඇල්ල වට වී ඇත. දිය ඇල්ල කළු ගංගාවෙන් පෝෂණය වන අතර මෙහි උස මීටර් 30 කි. කොළඹ නගරයට ආසන්නව පිහිටා ඇති බැවින් දිය ඇල්ල වැඩි සංචාරක ආකර්ෂණයක් දිනා ගැනීමට සමත් වී ඇත. කෙසේ වෙතත් ඇල්ලට යන මාර්ගය දෙපස මේ වන විට කඩ සාප්පු ගණනාවක් ඇති වී ඇති බැවින් සහ ඇල්ලට පැමිණෙන සංචාරකයින්ගේ අදූර දර්ශී ක්‍රියා හේතුවෙන් දිය ඇල්ල සහ ඒ අවට පරිසරයේ ඇති සුන්දරත්වය දිනෙන් දින විනාශ මුඛයට යමින් පවතී.
Bopath Ella is a waterfall situated in the Ratnapura District of Sri Lanka. It has a shape very similar to the leaf of the Sacred fig or "Bo" tree, which has earned it this name. The waterfall is a major tourist attraction in the country.

No comments:

Post a Comment